27.2 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවී මිල තීරණය කරන කමිටුවට ගොවීන් තිදෙනෙකුත් ඇතුළත් කිරීමේ තීරණයක්

වී මිල තීරණය කරන කමිටුවට ගොවීන් තිදෙනෙකුත් ඇතුළත් කිරීමේ තීරණයක්

වී මිල තීරණය කිරීමේ කමිටුව සඳහා ගොවි නියෝජිතයින් තිදෙනකු ද ඇතුළත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

ගොවි නියෝජිතයින් අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව ඉදිරියේ දී වී මිල තීරණය කිරීමේ කමිටුවට දිස්ත්‍රික් විසි පහේම  ගොවි සංවිධාන නියෝජිතයින්ගේ එකඟත්වය මත ගොවි නියෝජිතයින් තුන්දෙනෙක් පත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

මෙවර මහ කන්නයේ දී වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගැනීමට කටයුතු නොකරන අතර රජය විසින් වී මිල දී ගැනීම දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින්  කිරීමට පියවර ගෙන තිබේ.

වී විල දී ගැනීම සඳහා රජය  රුපියල් බිලියන 10ක් වෙන් කර ඇති අතර අවශ්‍ය වුවහොත් තවත් රුපියල් බිලියන 10ක් ඒ සඳහා වෙන් කිරීමට ජනපති  තීරණය කරනු ඇති බව ද  කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.