27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකා අපනයන ණය රක්‍ෂණ සංස්ථාව කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා අපනයන ණය රක්‍ෂණ සංස්ථාව කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා අපනයන ණය රක්‍ෂණ සංස්ථාවේ කළමනාකාරිත්වය සහ ව්‍යුහාත්මක අක්‍රමිකතා පිළිබඳව සිය සම්පූර්ණ අප්‍රසාදය පළ කරන බවයි කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා අපනයන ණය රක්‍ෂණ සංස්ථාවේ 2019 සහ 2020 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වත්මන් ක්‍රියාකාරීත්වය විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි.

ආයතනික තොරතුරු අස්ථානගත වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා වහාම පරීක්ෂණ පවත්වන ලෙස ද කෝප් කමිටු සභාපතිවරයා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවට උපදෙස් දී තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයට අනුබද්ධ අභ්‍යන්තර විගණකවරයාගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් පත් කර සති 3ක් ඇතුළත මෙම ආයතනය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමටයි මෙහිදී නිර්දේශ කෙරුණේ.

ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් පවත්වා අප්‍රේල් 18 වැනිදාට පෙර කමිටුවට වාර්තා කරන ලෙස මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී ඇති අතර ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව සිය ආයතනික සැලැස්ම හැකි ඉක්මනින් කෝප් කමිටුව වෙත ඉදිරිපත් කරන ලෙසට ද උපදෙස් දී තිබෙනවා.