― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsහිඟ ඖෂධ 151න් 81ක් ලැබී අවසන් - සෞඛ්‍ය ඇමති

හිඟ ඖෂධ 151න් 81ක් ලැබී අවසන් – සෞඛ්‍ය ඇමති

හිඟ ඖෂධ 151 න් 81ක් මේ වනවිටත් සපයා ගැනීමට හැකිවී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රටේ ආර්ථික කඩාවැටීම සමඟ සෞඛ්‍ය ක්ෂෙත්‍රයට උපරිම සහාය ලබාදීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබෙන බවත් ඉන්දීය ණය ක්‍රමය යටතේ වුවත් මෙය උඩින් දකින තරම් පහසු ක්‍රමයක් නොවන අතර ඇනවුමක් සහතික කළ පසුව මාස තුන හතරක් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට යන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.