27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsහිටපු LTTE සාමාජිකයෙක් වසර ගණනකට පසු වනාන්තරයකින් මතු වෙයි

හිටපු LTTE සාමාජිකයෙක් වසර ගණනකට පසු වනාන්තරයකින් මතු වෙයි

මඩකලපුව තණ්ඩමාලෙයි ප්‍රදේශයේ වනාන්තරයක ගල් ගුහාවක ජීවත් වෙමින් සිටිය දී හමු වූ පුද්ගලයා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයෙකු බව ප්‍රජාතත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂයේ ප්‍රකාශක එස්. නගුලේස්වරන් පවසනවා.

වසර හතරකට වඩා වැඩි කාලයක් මොහු එම ගල් ගුහාවේ ජීවත් වී ඇති අතර එහි දී වැඩි වශයෙන් වනාන්තරයේ ඇති පළතුරු අනුභව කරමින් ජීවිතය ගෙවා ඇති බව‍තයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා එල්.ටී.ටී.ඊ සංවිධානයේ සිටි කාලයේ දී ඩෙවිඩ් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වා ඇතැයි හෙළි කරගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා එල් ටී ටී ඊ සංවිධානය ක්‍රියාත්මක වෙමින් පැවති සමයේ මඩකලපුව ප්‍රදේශයේ බුද්ධි අංශයේ සේවකය කළ අයෙක් බව සඳහන්.

මේවන විට ඔහු මානසික ආබාධ තත්ත්වයකින් පසුවන බව ද හෙළිවී තිබෙනවා.

වනාන්තරයට ගිය පුද්ගලයෙකු විසින් මෙම හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයා දැක ගම්වාසීන්ට කළ දැනුම්දීමකින් අනතුරුවයි ඔහු මඩකලපුව රෝහලට ඇතුලත් කර ඇත්තේ.