10.2 C
London
Friday, March 31, 2023

නිත්‍යානුකූල සැමියාට මරු කැඳවූ බිරිඳගේ අනියම් සැමියා

ගම්පොළ කලුගමුව ප්‍රදේශයේ දෙමහල් නිවසක් තුළ තිබී ඝාතනය කරන ලද බවට සැක කරන පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි දෙදරු පියෙක් බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

අද උදෑසන තුවාල සහිත මෙම මළ සිරුර නිවසේ උඩුමහලේ තිබී සොයා ගැනුණා.

ඔහුගේ බිරිඳ වෙනත් පුද්ගලයෙකු සමඟ ගොස් ඇති අතර මෙම පුද්ගලයා නිවසේ තනිව වාසය කර ඇතැයි සඳහන්.

ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා ජිවත් වූ සිටි දෙමහල් නිවස බිරිඳගේ පියා විසින් රැගෙන දී ඇතැයි පැවසෙන අතර එම නිවස සම්බන්ධයෙන් අනියම් සැමියා හා බිරිඳ මොහු සමග ආරවුලක් තිබී ඇති බව ද පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

පරීක්ෂණ පැවැත්වූ පොලිසිය මියගිය පුද්ගලයාගේ බිරිඳගේ අනියම් සැමියා වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේ ඔහු සඟවා සිටි පිහියක් ද හමුවී තිබෙනවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර මහනුවර මහ රෝහල වෙත යොමු කර තිබෙනවා.

Latest

අඩු ආදායම්ලාභීන්ට රජයෙන් තවත් මාස දෙකකට සහල්

මෙරට අඩු අදායම්ලාභී පවුල්වලට තවත් අමතර මාස දෙකක කාලයක්...

දියේ ගිලීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට

පින්දෙණිය ප්‍රදේශයේදී කුඩා දැරියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස...

පුද්ගලික ආරවුලක් මරණයකින් කෙළවර වෙයි

මට්ටක්කුලිය, කැළණි ගඟ මෝල පාරේදී තියුණු ආයුධවලින් පහර දී...

තරුණයෙකු පැදවූ වෑන් රථයක් නිසා පොලිස් නිලධාරියෙක්ට තුවාල

ජාත්‍යන්තර පාසලක සිසුවෙකු පැදවූ වෑන් රථයක් රථවාහන රාජකාරියේ නරතව...

Don't miss

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනපති

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්,...

දූෂණ විරෝධී පනත ගෙනාවේ IMF කියපු නිසා නෙමෙයි

දුෂණ විරෝධී පනත ගෙනාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී නිසා...

මා ගැන පැතිරෙන කටකතා බොරු – මහින්ද රාජපක්ෂ

තමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 02 වැනිදා පැවැත්වීමට නියමිත ජන රැලියක්...

රනිල් දෙවෙනි වෙන්නේ හුසේන් බෝල්ට්ට පමණයි – ඩයනා ගමගේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු ලෝකය ඉදිරියේ රටක් පාලනය කරන...

රට බංකොලොත් වුණේ පැවැති රජයන්වල දූෂණ, වංචා නිසා

රට මේ තත්ත්වය දක්වා බංකොලොත් වුණේ පැවැති රජයන්වල පැවැති...

මිදිගම හෝටල් හිමිකරුගේ ඝා+තනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිවෙයි

මිදිගම ප්‍රදේශයේ රාත්‍රී සාද පවත්වන හෝටල් හිමිකරුවකු වන පසිඳු සඳරුවන් හෙවත් 'බබා' නැමැත්තාව ඊයේ (29) සවස වෙඩි තබා ඝාතනය කර තිබේ. ඔහු සමග 'හරක්කටා'ගේ පාර්ශ්වයට...

මැල්සිරිපුර ගොවීන් 3000කට සහනාධාර අහිමිකළ සංවර්ධන නිලධාරියාගේ වැඩ තහනම්

මැල්සිරිපුර රඹේ ගොවීන් 3000කට අධික පිරිසකට රජය ලබා දුන් සහනාධාර අහිමි කළ සංවර්ධන නිලධාරියාගේ වැඩ තහනම් කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. මැල්සිරිපුර රඹේ ගොවිජන සේවා...

යතුරුපැදියේ පසුපස ගමන් ගත් පුද්ගලයා වහලක් උඩට යැවූ යතුරුපැදි අනතුර

හොරණ ගුරුගොඩ සමෘද්ධි බැංකුව අසල දී අද පස්වරුවේ සිදු වූ අනතුරකින් යතුරුපැදියක ගිය දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. මෝටර් රථයක් සහ යතුරුපැදියක්...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here