― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalආනයන සීමා ලිහිල් කරනවා නම් ඒ ගැන ගැඹුරින් සොයාබලා කටයුතු කළ යුතුයි...

ආනයන සීමා ලිහිල් කරනවා නම් ඒ ගැන ගැඹුරින් සොයාබලා කටයුතු කළ යුතුයි – රංජිත් සියඹලාපිටිය

ආනයන සීමා ලිහිල් කිරීම සිදුකරන්නේ නම් එය ගැඹුරින් සොයාබලා කළමනාකරණයකින් යුතුව සිදුකළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරනවා.

අද (11) උදෑසන දෙහිඕවිට ප්‍රදේශයේ දී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමඟ ඖෂධ, ආහාර , පාරිභෝගික භාණ්ඩ ඇතුළු ආනයන භාණ්ඩ වල හා සේවාවල මිල ගණන් ඉදිරියේ දී ක්‍රමයෙන් පහළ යා යුතු බවයි ඔහු එහිදී සඳහන් කර සිටියේ.

අපනයනය සඳහා රුපියල් ශක්තිමත්වීම මේ මොහොතේ යම් බලපෑමක් එල්ල කළ ද, එය තාවකාලික තත්ත්වයක් බව ද අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් පැවසුවා.

අපනයන භාණ්ඩ සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය හා යෙදවුම්වල මිල ගණන් ද අඩුවීම හේතුවෙන් ඉදිරියේදී එම අපනයන භාණ්ඩ වලට සෘණාත්මක බලපෑමක් ඇති නොවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.