31.1 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋත්සවයකට ගිය ඇමති සහ රාජ්‍ය ඇමති හූ හඬ මධ්‍යයේ පිටව යයි

උත්සවයකට ගිය ඇමති සහ රාජ්‍ය ඇමති හූ හඬ මධ්‍යයේ පිටව යයි

බමුණුකොටුව ප්‍රදේශයේ විවෘත කිරීමක් සඳහා පැමිණි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකට පිරිසකගෙන් විරෝධයක් එල්ල වී තිබෙනවා.

වල්පොල, බමුණුකොටුව සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම සඳහා අද (11) පෙරවරුවේ පැමිණි අමාත්‍යවරයාට එහි රැස්ව සිටි පිරිසක් මෙලෙස විරෝධය පළකර ඇති බවයි වාර්තා වුණේ.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් ද එක්ව සිටි බවයි දැනගන්නට ලැබුණේ.

ඒ, අවස්ථාවේ අවට ආරක්ෂාවට පොලිස් නිලධාරීන් රැසක් දා යොදවා සිටි අතර, සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් පසු අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා රැස්ව සිටි පිරිසගේ හූ හඬ මධ්‍යයේ එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.