28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගන්නෝරුවේ නිදන් හැරූ භික්ෂූන් වහන්සේලා දෙනමකට වැඩ වරදී

ගන්නෝරුවේ නිදන් හැරූ භික්ෂූන් වහන්සේලා දෙනමකට වැඩ වරදී

පේරාදෙණිය ගන්නෝරුව කන්ද ප්‍රදේශයේ පුරාවස්තු ලබා ගැනිමේ අරමුණින් කැණීමි කරමින් සිටි භික්ෂූන් වහන්සේලා දෙනමක් පේරාදෙණිය පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර භික්ෂූන් වහන්සේලා අක් අඩංගුවට ගන්නා අවස්ථාවේ දි ඔවුන් විසින් කැණීමි කටයුතු සඳහා භාවිත කරන ලද උපකරණ ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ ගන්නෝරුව ගල්ලෙන් විහාරයේ වැඩ විසූ වයස අවුරුදු 30 සහ 58 යන වයස්වල පසුවන භික්ෂූන් වහන්සේලා දෙදෙනෙක්.සැකකාර භික්ෂූන් වහන්සේලා අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.