26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතවත් චීන සංචාරකයින් පිරිසක් දිවයිනට

තවත් චීන සංචාරකයින් පිරිසක් දිවයිනට

ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයට පසුව චීනයේ ෂැංහයි නුවර සිට පළමු චීන සංචාරකයන් පිරිස ඊයේ සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

181 දෙනෙකුගෙන් සමන්විත මෙම චීන සංචාරකයන් පිරිස දින 7ක කාලයක් මෙරට සංචාරය කිරීමට නියමිතයි.

ඔවුන් චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ MU – 231 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් පිළිගැනීම සදහා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොං (Qi Zhen Hong) , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටි බව සඳහන්.

සෑම සතියකම චීනයේ ෂැංහයි සහ කුංමිං ජාත්‍යන්තර ගුවන් තොටුපළවල සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර 06ක් චීන සංචාරකයන් රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබෙනවා.

පසුගිය පළමුවනදා ද කොරෝනා වසංගතයෙන් පසුව චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පළමු සංචාරකයන් පිරිස වූ සංචාරකයන් 117 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් චීනයේ ග්වැන්ෂෝ නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.