― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsදුම්රියෙන් හමුවූ බිළිඳාගේ පියාගෙන් පාපොච්චාරණයක්

දුම්රියෙන් හමුවූ බිළිඳාගේ පියාගෙන් පාපොච්චාරණයක්

කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ මීනගයා දුම්රියේ වැසිකිළියකින් හමුවූ බිළිඳාගේ පියා විසින් පොලිසිය හමුවේ පාපොච්චාරණයක් කර තිබෙනවා.

සැකකරු පෞද්ගලික සරසවියක 4 වන වසරේ සිසුවෙක් බවටයි මේවන විට හෙළිවී ඇත්තේ.

25 හැවිරිදි ඔහු අද පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවේ කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ සිටියදීයි.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පොලිසිය හමුවේ සඳහන් කර ඇත්තේ තමන් පෙම්වතිය සමග විවාහ වී නොමැති අතර ඇයට නිවසට යාමට අවශ්‍ය බවට පැවසීම හේතුවෙන් දරුවා මෙලෙස දුම්රියේ තබා ගිය බවටයි.

මෙම යුවළ විවාහ වී නොමැතිව දෙහිවල ප්‍රදේශයේ කුලී පදනම මත නතර වී සිට ඇතැයි සඳහන්.

සැකකාර සරසවි සිසුවා ඔන්ලයින් රැකියාවක නිරතව සිට ඇති අතර දරුවා දැමූ කූඩය ද ලබාගෙන ඇත්තේ ඔන්ලයින් ඇනවුම් කර බවට හෙළිකර තිබෙනවා.

දරුවා සහ තම පෙම්වතිය භාර ගැනීමට ද සූදානම් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

විවාහ නොවීම හේතුවෙන් දරුවා රැගෙන නිවෙස්වලට යාමට නොහැකි වීම හමුවේ බිළිඳාට ආදරය කරන අයෙක් රැගෙන යනු ඇතැයි අපේක්ෂාවෙන් දුම්රියේ දමා ගිය බව ද සැකකාර පියා ප්‍රකාශකර තිබෙනවා.

ඊයේ (10) රාත්‍රී 7ට පමණ මඩකලපුව බලා පිටත්ව යාමට සූදානම්ව තිබූ මීනගයා දුම්රියේ වැසිකිළියක දමා ගොස් සිටි මෙම බිළිඳා, මගියෙකු විසින් දැක දුම්රිය බලධාරීන් දැනුවත් කර තිබුණා.