23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsනිත්‍යානුකූල සැමියාට මරු කැඳවූ බිරිඳගේ අනියම් සැමියා

නිත්‍යානුකූල සැමියාට මරු කැඳවූ බිරිඳගේ අනියම් සැමියා

ගම්පොළ කලුගමුව ප්‍රදේශයේ දෙමහල් නිවසක් තුළ තිබී ඝාතනය කරන ලද බවට සැක කරන පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි දෙදරු පියෙක් බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

අද උදෑසන තුවාල සහිත මෙම මළ සිරුර නිවසේ උඩුමහලේ තිබී සොයා ගැනුණා.

ඔහුගේ බිරිඳ වෙනත් පුද්ගලයෙකු සමඟ ගොස් ඇති අතර මෙම පුද්ගලයා නිවසේ තනිව වාසය කර ඇතැයි සඳහන්.

ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා ජිවත් වූ සිටි දෙමහල් නිවස බිරිඳගේ පියා විසින් රැගෙන දී ඇතැයි පැවසෙන අතර එම නිවස සම්බන්ධයෙන් අනියම් සැමියා හා බිරිඳ මොහු සමග ආරවුලක් තිබී ඇති බව ද පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

පරීක්ෂණ පැවැත්වූ පොලිසිය මියගිය පුද්ගලයාගේ බිරිඳගේ අනියම් සැමියා වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේ ඔහු සඟවා සිටි පිහියක් ද හමුවී තිබෙනවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර මහනුවර මහ රෝහල වෙත යොමු කර තිබෙනවා.