― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsපොහොට්ටුවේ සභාපති තනතුර දේශපාලනයෙන් පිට ප්‍රබලයෙකුට ?

පොහොට්ටුවේ සභාපති තනතුර දේශපාලනයෙන් පිට ප්‍රබලයෙකුට ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරය සඳහා දේශපාලනඥයකු නොවන සිවිල් සමාජයේ පුද්ගලයකු පත්කිරීමට එම පක්ෂයේ වැඩි අවධානයක් යොමුව ඇති බව වාර්තා වනවා.

ඒ, සඳහා වැඩි ඉල්ලීම් ප්‍රමාණයක් ඉදිරිපත්ව ඇති බවයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අතර පොදුජන පෙරමුණේ සභාපති තනතුර වෙනුවෙන් තවත් නාමයෝජනා කිහිපයක්ම ඉදිරිපත්ව ඇති බව සඳහන්.

ඒ, අනුව ඉදිරි දිනවල දී, පුරප්පාඩුව පවතින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරය සඳහා නව සභාපතිවරයෙක් පත් කිරීම සිදුවනු ඇති.

මීට පෙර එම පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ජී.එල්. පීරිස් එම තනතුරින් නෙරපීමට පක්ෂයේ විධායක සභාව පසුගිය දා තීරණය කළා.

විධායක සභාවේ ඒකමතික තීරණය මත මෙම තීරණයට එළ‍ඹි බවයි පක්ෂයේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් කියා සිටියේ.