― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsවැඩිහිටි නිවාසයේ වැසිකිළි පෝච්චිය ඉස්සූ වරදට තුන්වසරක සිර දඬුවමක්

වැඩිහිටි නිවාසයේ වැසිකිළි පෝච්චිය ඉස්සූ වරදට තුන්වසරක සිර දඬුවමක්

රත්ගම ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසකින් වැසිකිළි පෝච්චියක් (කොමඩ් එකක්) සොරකම් කිරීම සහ සොර බඩු ළඟ තබා ගැනිම සම්බන්ධයෙන් වූ චෝදනාවන්ට වරදකරු වූ පුද්ගලයෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විසින් රුපියල් තුන් දහසක දඩ මුදල් සහ වසර තුනක සිරදඬුවමක් පසුගියදා නියමකර තිබෙනවා.

මෙසේ දඬුවම් නියම වූයේ රත්ගම ප්‍රදේශයේ ම පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකුට බවයි වාර්තා වන්නේ.

රත්ගම ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක පාවිච්චි කරන ලද වැසිකිළි පෝච්චියක් (කොමඩ් එකක්) වෙනත් තැනක සවි කිරිම සඳහා ගලවා තිබිය දී මෙම පුද්ගලයා විසින් සොරාගෙන ගොස් කැලෑවක සඟවා තිබිය දී පොලිසිය විසින් සොය‍ාගෙන තිබුණා.

අනතුරුව අත්අඩංගුවට ගැනුණු සැකකරුට එරෙහිව සොරකම් කිරීම සහ සොරබඩු සන්තකයේ තබා ගැනීම යන චෝදනා දෙක යටතේ අධිකරණයේ නඩු පැවරීමටයි කටයුතු කර ඇත්තේ.

එහිදී පළමුවන චෝදනාවට රුපියල් එක්දහස් පන්සීයක දඩයක් සහ වසරක සිර දඬුවමක් ද දඩ නොගෙවන්නේ නම් තවත් මාසයක සිර දඬුවමක් ද නියම කෙරුණා.

දෙවන චෝදනාවට රුපියල් එක්දහස් පන්සියක දඩයක් සහ වසර දෙකක සිර දඬුවමක් ද, දඩ නොගෙවන්නේ නම් තවත් මාසයක සිර දඬුවමක් ද නියම කිරීමටයි අධිකරණය කටයුතු කළේ.