― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsශ්‍රී ලංකාවේ ආයතනික ප්‍රතිසංස්කරණ සිදුකිරීම අත්‍යවශ්‍යයි - ස්ටීව් හෑන්ක්

ශ්‍රී ලංකාවේ ආයතනික ප්‍රතිසංස්කරණ සිදුකිරීම අත්‍යවශ්‍යයි – ස්ටීව් හෑන්ක්

දිගුකාලීන ආර්ථික තිරසරභාවයක් ලගා කර ගැනීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකාව ආයතනික ප්‍රතිසංස්කරණ සිදුකිරීම අත්‍යවශ්‍ය බව ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හෑන්ක් ප්‍රකාශ කර තිබෙනවා.

ආර්ජන්ටිනාව, මොන්ටිනීග්‍රෝව වැනි රටවල අලුතින් මූල්‍ය සාර්ථකත්වයන් අත්කරගැනිමේ ක්‍රියාවලින් තුළ, ප්‍රධාන කාර්යභාරයක් ඉටුකළ මහාචාර්ය හෑන්ක් සී.එන්.බී.සී පුවත් සේවය සමඟ සම්මුඛ සාකචිඡාවකට එක්වෙමින් සඳහන් කර ඇත්තේ ආයතනික ව්‍යුහයන් සහ පාලන රිතින් වෙනස් නොකළහොත් ශ්‍රී ලංකාව වැනි රට වල පවතින ආර්ථික අර්බුදකාරී තත්වයන් වෙනස් නොවනු ඇති බවයි.