32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසංචාරකයින් රැගත් සුපිරි නෞකාවක් කොළඹට සේන්දු වෙයි

සංචාරකයින් රැගත් සුපිරි නෞකාවක් කොළඹට සේන්දු වෙයි

සංචාරකයින් 1,800ට අධික පිරිසක් රැගත් ප්‍රින්සස් කෘෘස් සුඛෝපභෝගී මගී නෞකාව මෙරටට පැමිණ තිබේ.

සංචාරකයින් 1,894 දෙනෙකු සහ කාර්යමණ්ඩල සාමාජිකයින් 906 දෙනෙකු රැගත් එම නෞකාව අද පෙරවරුවේ කොළඹ වරායට සේන්දු වූ බව වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යංශය පැවසීය.

ඉන් පැමිණි සංචාරකයින් 159 දෙනෙකු කොළඹ වරායෙන් ගොඩබැස ඇති අතර ඔවුන් මහනුවර, පින්නවල, මීගමුව සහ ඉංගිරිය යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතය.

අමෙරිකානු සමාගමකට අයත් දිගින් මීටර් 294ක් වන මෙම නෞකාව තායිලන්තයේ සිට පැමිණ ඇති අතර නෞකාව අද රාත්‍රියේ ඩුබායි බලා පිටත්ව යාමට නියමිත බවද වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කළේය.

මේ අතර මාර්තු මස පළමු වන සතියේ විදෙස් සංචාරකයින් 25,000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මාර්තු මස පළමුවන දින සිට 6වන දින දක්වා කාලය තුළ පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 24,363 දෙනෙකු වන අතර ඉන් වැඩිම පිරිස රුසියානු සංචාරකයින් බව එම අධිකාරිය පැවසුවේය.

ඒ අනුව මේ වසරේ ගතවූ කාලය තුළ විදෙස් සංචාරකයින් දෙලක්ෂ 34,547 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

ජනවාරි මාසයේ සංචාරකයින් 102,545 දෙනෙකු පැමිණ තිබූ අතර පෙබරවාරි මාසයේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 107,639 දෙනෙකු වේ.