― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeHot Newsසඳුදා සිටි වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරතවීමට වෘත්තිය සමිති රැසක් තීරණය කරයි

සඳුදා සිටි වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරතවීමට වෘත්තිය සමිති රැසක් තීරණය කරයි

රජයේ නව අසාධාරණ බදු සංශෝධනයන් එරෙහිව ලබන සඳුදා (13) දින සිට වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරතවීමට වෘත්තිය සමිති රැසක් තීරණය කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සමඟ ඊයේ (10) පැවති සකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වීමත් සමඟ වෘත්තිය සමිති මෙම තීරණයට එළඹෙන බව සඳහන් කළා.

ඒ, අනුව ලබන සදුදා සිට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර කෙරුණා.

ඊයේ (10) රැස්වූ එම සංගමයේ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගෙන තිබුණා.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ වර්ජනවලට තම සංගමය සහය ලබානොදෙන බවයි.

මේ අතර රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව අධ්‍යයන සහ විභාග කටයුතුවලින් ඉවත් වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණ කර ඇති අතර, එම වෘත්තිය ක්‍රියාමාර්ගය මේ වනවිටත් ක්‍රියාත්මකයි.

එමෙන්ම ලංකා ගුරු සංගමයද එළඹෙන 15 වනදා එක්දින වර්ජනයක නිරත වන බවයි ප්‍රකාශකර සිටියේ.