30.6 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsහමුදා කඳවුරෙන් ගිනිඅවියක් රැගෙන සෙබළෙක් අතුරුදහන් වෙයි

හමුදා කඳවුරෙන් ගිනිඅවියක් රැගෙන සෙබළෙක් අතුරුදහන් වෙයි

පනාගොඩ යුද හමුදා කඳවුරෙන් T56 ගිනි අවියක් සහ එම උණ්ඩ 90ක් සහිත මැගසින් තුනක් සොරකම් කළ යුද හමුදා සෙබළෙකු සොයා මිනිමැරුම් හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සැකකාර සෙබළා ගිනි අවිය රැගෙන ගොඩගම පිහිටි විහාරස්ථානයකට පැමිණ ඇති බවයි සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

එම විහාරස්ථානයේ නායකහිමිනම සමග සමීප සබඳතාවක් පවත්වා ඇති අදාළ සෙබළා එහිදී එම හිමිනමගෙන් ගිනි අවිය රැගෙන යාම සඳහා බෑගයක් ද ඉල්ලාගෙන ඉන් පළාගොස් ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

සැකකරුට ආධාර අනුබලදීම යටතේ සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහැර ඇත.