― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot News2023 රාජ්‍ය වෙසක් උත්සවය පවත්වන ස්ථානයට මහා සංඝරත්නයේ විරෝධය

2023 රාජ්‍ය වෙසක් උත්සවය පවත්වන ස්ථානයට මහා සංඝරත්නයේ විරෝධය

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය 2023 වර්ෂයේ මැයි මාසයේ දී හලාවත – කබැල්ලෑවල ශ්‍රී රත්නසිර පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යාංශය මේ වන විට සැළසුම් කර තිබෙනවා.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ලබන 16 වනදා හලාවත – කබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේ දී, බුද්ධ ශාසන අගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මේ අතර 2023 රාජ්‍ය වෙසක් උත්සවය හලාවත – කබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේ පැවැත්වීමට එරෙහිව භික්ෂුන්වහන්සේලා පිරිසක් විරෝධය දක්වා ඇති බව වර්තා වනවා.

රාජ්‍ය වෙසක් උත්සවය මෙම විහාරස්ථානයේ දී පැවැත්වුවහොත් එය බෞද්ධයින්ට සිදුකරන නිඟාවක් බවයි කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය ඉත්තෑපානේ සුමන සහ ලේඛකාධිකාරී පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමිවරුන් පවසන්නේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත විශේෂ ලිපියක් යොමුකරමින් උන්වහන්සේලා මේ බව සඳහන් කර තිබෙනවා.

රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීම සදහා තෝරාගෙන ඇත්තේ පිරිවෙනක් නමින් පවත්වාගෙන යන දේවාල භූමියක් බව සඳහන් කරන උන්වහන්සේලා, මෙහි විහාරාධිපති ස්වාමීන් වහන්සේ දේශපාලනික වශයෙන් හංවඩු ගැසී ඇති හිමිනමක් බවට ද චෝදනා කරනවා.