11.1 C
London
Thursday, March 23, 2023

ඇමරිකානු බැංකුවක් පැය 48ක් තුළ කඩා වැටෙයි

ලෝකයේ දැවැන්තම ආර්ථිකය හිමි ඇමෙරිකා එක්සත් ජනපදයේ බැංකුවක් පැය 48ක් තුළ කඩා වැටීම් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳ පොළේ ප්‍රධාන මාතෘකාව බවට පත් වෙද්දි ව්‍යාපාරික ලෝකය විස්මයටත්, භීතියටත් පත් කර තිබෙනවා.

මෙලෙස කඩා වැටුණේ ශාඛා 17කින් සමන්විත සිලිකන් වැලි බැංකුව්යි (Silicon Valley Bank – SVB). මෙහි ප්‍රධාන ගනුදෙනුකරුවන් වූයේ Startup companies, Venture capital firms e Tech companies.

පසුගිය බදාදා සිට සිකුරාදා දක්වා සැය 48ක් තුළ කඩා වැටුණු මෙම බැංකුවේ සියලු මූල්‍ය වගකීම සහ තැන්පතු කැලිෆෝර්නියානු මූල්‍ය බලධාරීන් මේ වන විට අත්පත් කරගෙන සිටිනවා.

ඇමෙරිකා එක්සත් ජනපද බැංකුවක 2008 වසරෙන් පසු සිදු වූ දැවැන්තම් කඩා වැටීම මෙයයි.

බැංකුව සතුව ඇති තැන්පතු ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 175ක් පමණ වන අතර, ඇමෙරිකාවේ 16 වැනි විශාලතම බැංකුව වන සිසිලිකන් වැලි බැංකුව සතු වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 209 ක්.

මෙම අර්බූදයත් සමග ඉදිරියේදි තැන්පත්කරුවන් සහ ණයකරුවන් සමග ගනුදෙනු කරන්නේ කෙසේද යන කාරණාව සම්බන්ධයෙන් මූල්‍ය බලධාරීන් මේ වන විට අවධානය යොමු කරමින් සිටිනවා.

මෙවන් ප්‍රබල රටක ප්‍රබල බැංකුවක් පැය 48ක් තුල කඩා වැටීම මූල්‍ය වෙළෙඳපොළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අවබෝධ කර ගැනිමට මනා නිදර්ශනයක්.

Latest

විදේශ හා අධිකරණ ඇමතිවරු දකුණු අප්‍රිකාවේ සංචාරයක

විදේශ අමාත්‍ය අලි සබ්රි සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ...

රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක්

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණයක් විසින්...

ඩොලරය ඉහළට

අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු...

බන්දුලට ඉල්ලා අස් වෙන්නැයි රතු එළියක්

බස්‍ රථ අමතර කොටස් සහ ඒවායේ සේවා ගාස්තු අඩු...

Don't miss

රනිල්ව ජනපති කළේ බැසිල් – ඉන්දික අනුරුද්ධ

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කිරීමට යෝජනා කළේ පොදුජන පෙරමුණු...

රනිල්ව විශ්වාස කරලා තමයි IMF එකෙන් ණය ලබාදුන්නේ – හිරුණිකා

රනිල් වික්‍රමසිංහ තනි පුද්ගලයකු ලෙස විශ්වාස කර ජාත්‍යන්තර මුල්‍ය...

ඩී.එස්. සේනානායක දර්ශනය ක්‍රියාත්මක කළ සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් වුණා – ජනපති

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමාගේ දර්ශනය අපි...

IMF කොන්දේසිවල විරුද්ධ විය යුතු කොන්දේසි තියෙනවා කියලා මම හිතන්නෑ – සිරිසේන

මුල්‍ය අරමුදලේ මූලික කොන්දේසි දහයේ විරුද්ධ විය යුතු කොන්දේසියක්...

මහින්දානන්ද අලුත්ගමගේට සභාපති ධුරයක්

ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක...

රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක්

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණයක් විසින් වසර දෙකක සිර දඬුවමක් නියම කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. සාපරාධී අපහාස නඩුවක් සම්බන්ධයෙනුයි...

ඉතිහාසයේ පළමු වරට කැනඩාවේ ජනගහනය ඉහළට

2022 වසරේදී කැනඩාවේ ජනගහනය වාර්තාගත ලෙස වර්ධනය වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. එරට නවතම දත්තවල දැක්වෙන්නේ පසුගිය වසරේදී එරට ජනගහනයට මිලියන 1.05ක් එක්වී...

දිවි තොර කර ගැනීමට තැත් කළ දෙමළ සරණාගතයින් 05ක් රෝහලට

ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් 05 දෙනෙකු බ්‍රිතාන්‍ය පාලනය යටතේ පවතින ඩියාගෝ ගාර්ෂියා දූපතේදී සියදිවි නසා ගැනීමට තැත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here