27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරුපියල ශක්තිමත් කළේ ආර්ථිකය හදලා නෙමෙයි - අනුර කුමාර

රුපියල ශක්තිමත් කළේ ආර්ථිකය හදලා නෙමෙයි – අනුර කුමාර

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වී ඇත්තේ ආර්ථික වර්ධනයක් නොව ආර්ථික හැකිළීමක් නිසා යැයි ජාතික ජන බලවේග නායක අනුර දිසානායක පවසයි.

මේ වන විට රූපවාහිනී, ශීතකරණ, ඇපල්, මිදි ඇතුළු බොහෝ ආනයන සීමා කොට ඇති නිසා ඩොලරයට ඇති ඉල්ලුම අඩු වී ඇති බවයි ඔහු සඳහන් කළේ.

2022 වසරේ ජනවාරියට සාපේක්ෂව 2023 ජනවාරියේ ආනයන වියදම ඩොලර් මිලියන 600කින් අඩු වී ඇතැයි ද රුපියල ශක්තිමත් වීම එහි ප්‍රතිඵලයක් බව ද අනුර දිසානායක ප්‍රකාශ කරයි.