28 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅදානි සුළං බලාගාර ව්‍යාපෘතිවල ධාරිතාව වැඩි කරන්න ඉල්ලයි

අදානි සුළං බලාගාර ව්‍යාපෘතිවල ධාරිතාව වැඩි කරන්න ඉල්ලයි

ශ්‍රී ලංකාව තුළ මෙගාවොට් 340ක සුළං බලාගාර ව්‍යාපෘති ආරම්භ කිරීමට අවසර ලබා දී ඇති අදානි සමූහය අනුමත ධාරිතාව මෙගාවොට් 500 දක්වා වැඩි කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

මෙම ඉල්ලීමට පිළිතුරු දෙමින් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක පැවසුවේ ඒ සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවයි.

අදානි සමූහ ව්‍යාපාරය විසින් තමන්ගේම මෙගාවොට් 5.2ක ටර්බයින දිවයිනට ගෙන එන බවත් එහි මූලාකෘතියක් ගුජරාටයේ මුන්ද්‍රාහි වසරක් තිස්සේ ක්‍රියාත්මක වන බවත් වාර්තා වෙයි

අදානි සමූහය විසින් මෙම යන්ත්‍රය නිපදවා ඇත්තේ ජර්මනියේ W2E (Wind to Energy) GmbH තාක්‍ෂණයෙන් වන අතර එය විනාඩියකට මීටර් 3 සිට 20 mps දක්වා සුළං වේගයකින් ක්‍රියා කළ හැකිය. 12 mps සුළං වේගයකින් එහි ප්‍රශස්ත බල නිෂ්පාදනය කරා ළඟා විය හැකිය.