26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද සිට වෘත්තිය සමිති රැසක් අඛණ්ඩ වැඩ වර්ජනයක

අද සිට වෘත්තිය සමිති රැසක් අඛණ්ඩ වැඩ වර්ජනයක

සෞඛ්‍ය, වරාය සහ විදුලිය ඇතුළු වෘත්තීය සමිති 40කට වැඩි සංඛ්‍යාවක් අද (13) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

රජයේ ආසාධාරණ බදු ප්‍රතිපත්ති, පොළී අනුපාත ඉහළ දැමීම, විදුලි බිල වැඩි කිරීම, රාජ්‍ය සේවක ගැටලුව ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළකරමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹ ඇති බවයි වාර්තා වුණේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්ව ඇති රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කළේ අද (13) දිනයේ බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල සියලුම රෝහල් ආශ්‍රිතව වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර ජල සම්පාදන හා ජලාපවාහන වෘත්තීය සමිති ඒකාබද්ධ කොළඹදී ඊයේ (12) මාධ්‍ය හමුවකට එක්වෙමින් ජල සැපයුම අඩාල නොවන පරිදි සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කරන බවයි පැවසුවේ.

15 වනදා අසනීප නිවාඩු වාර්තා කරමින් වර්ජනයට සහාය පළකරන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියා.

මේ අතර බැංකු සේවකයින් අද (13) දිනයේ සිට කළු ඇදුමෙන් සැරසී සේවයට වාර්තා කිරීමට තීරණය කර ඇති බව ලංකා බැංකු සේවක සංගමය පැවසුවා.