― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅනතුරක් සිදුකර පලා යමින් සිටි සිසුවෙක් ඇල්ලූ මන්ත්‍රීවරයා

අනතුරක් සිදුකර පලා යමින් සිටි සිසුවෙක් ඇල්ලූ මන්ත්‍රීවරයා

අනතුරක් සිදුකර පලා යමින් සිටි සිසුවෙකු අල්ලා පොලිසියට භාර දීමට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර කටයුතු කර තිබුණා.

මන්ත්‍රීවරයා විසින් මෙලෙස බණ්ඩාරගම පොලිසියට භාර දී තිබුණේ බණ්ඩාරගම රයිගම පදික මාරුව අසලදී යතුරු පැදිකරුවෙකු අනතුරට ලක් කර සුඛෝපභෝගී මෝටර් රථයකින් පලා යමින් සිටි ජාත්‍යන්තර පාසැලක සිසුවෙක්.

සැකකාර සිසුවා පරික්ෂාවකට ලක් කිරීමේදී ඔහු මත්පැන් පානය කර සිටි බවට අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කළා. ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා ඊයේ සවස රැස්වීමකට සහභාගී සඳහා මදුරාවල ප්‍රදේශයේ සිට හොරණ දෙසට යමින් සිටියදී ඔහු ගමන් ගමන්ගත් වාහනයට සහ තවත් වාහන කිහිපයකට අපරික්ෂාකාරී ලෙස ඉස්සර කරමින් ධාවනය කල මෝටර් රථයක් නිරීක්ෂණය කර තිබෙනවා.

එම රථය රයිගම පදික මාරුව ආසන්නයේදී එම දිශාවටම ධාවනය කල යතුරුපැදියක ගැටි ඇති අතර යතුරුපැදිකරු එම ස්ථානයේ ඇද වැටුණු පසුවත් මෝටර් රථය නොනවත්වා ධාවනය කර තිබෙනවා.

අනතුරුව මන්ත්‍රීවරයා මේ බව 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී මෝටර් රථය ලුහුබැඳ ගොස් පොකුණුවිට අතුරු මාර්ගයකදී අල්ලාගෙන පොලිසියට භාර දීමට කටයුතු කර තිබුණා. අනතුරෙන් තුවාල ලද පුද්ගලයා බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත් කර ඇති අතර සැකකාර සිසුවාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.