― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඅලුත උපන් දරුවන් රැකබලා ගැනීමට විශේෂ මධ්‍යස්ථානයක්

අලුත උපන් දරුවන් රැකබලා ගැනීමට විශේෂ මධ්‍යස්ථානයක්

ඇති දැඩි කිරීමට නොහැකි අලුත උපන් දරුවන් රැකබලාගැනීම සඳහා දරුවන්ට ආරක්‍ෂිත මධ්‍යස්ථානයක් සකස් කිරීම සඳහා කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ පැවසුවාය.

අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය කියා සිටියේ අදාළ මධ්‍යස්ථානය කඩිනමින් ස්ථාපිත කිරීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

අදාළ මධ්‍යස්ථානය හරහා අලුත උපන් දරුවන් රැකබලාගැනීම සඳහා කටයුතු සකස්කරන බවයි අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ.