― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකසිප්පු විකුණූ පොහොට්ටුවේ අපේක්ෂකයාට වැඩ වරදී

කසිප්පු විකුණූ පොහොට්ටුවේ අපේක්ෂකයාට වැඩ වරදී

කසිප්පු විකිණීමේ ජාවාරමක නිරතව සිටි බව කියන මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණෙන් හලාවත ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු කසිප්පු බෝතල් 50ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මාදම්පේ උඩවෙල ප්‍රදේශයේදී පෙරේදා 12වැනිදා මාදම්පේ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු මාදම්පේ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

මාදම්පේ පොලිස් ස්ථානයේ දුෂණ මර්දන අංශයේනිලධාරීන්ට ලැබුණු තොරතුරක් මතඋඩලවෙල ප්‍රදේශයේ මාර්ග බාධකයක් යොදා වැටලීමක් සිදුකර කසිප්පු තොගයලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන මෙම අපේක්ෂකයා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මොහු මෙම කසිප්පු බෝතල් තොගය මාදම්පේ සිට ගල්මුරුව ප්‍රදේශයේ අයෙකුට විකිණීම සඳහා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බවට තොරතුරු පරීක්ෂණවලින් හෙළි වී ඇත.

මොහු කාලයක් තිස්සේ සිට කසිප්පුජාවාරමේ නිරතව සිටි අයකු බවටද තොරතුරු ලැබී ඇති බව සඳහන්.