31.7 C
Colombo
Saturday, February 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකාන්තාවක් යටකරගෙන පලාගිය රියදුරෙකුට ගුටි පූජාවක්

කාන්තාවක් යටකරගෙන පලාගිය රියදුරෙකුට ගුටි පූජාවක්

දිවුලපිටිය 12 කණුව ප්‍රදේශයේදී කාන්තාවක් යටකරගෙන පලාගිය වෑන් රථ රියදුරෙකු අල්ලා පොලිසියට භාරදීමට ප්‍රදේශවාසීන් කටයුතු කළා.

අනතුරට පත් කාන්තාව මේ වනවිට බරපතල තත්වයෙන් කොළොඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඊයේ සවස දිවුලපිටිය සිට මරදගහමුල දක්වා කාන්තාව යතුරු පැදියකින් යමින් සිටියදී පිටුපසින් පැමිණි වෑන් රථය ඇය ගමන් ගත් යතුරු පැදිය පසුකර යෑමට උත්සහ කිරීමේදී එහි ගැටී තිබෙනවා.

අනතුරෙන් යතුරු පැදිය පෙරලි ගොස් කාන්තාව වෑන් රථයේ යට සිරවී ඇති බවයි මූලික පරීක්ෂණ වලදී අනාවරණය වන්නේ.

නමුත් වෑන් රථය ඒ මොහොතේ නොනවත්තා ධාවනය කර ඇති අතර ප්‍රදේශවාසීන් දුරක් ලුහුබැඳ ගොස් රියදුරු අල්ලා ගනු ලැබුවා.

අනතුරුව ඔහුට පහරදී පොලිසියට භාරදීමට ඔවුන් කටයුතු කර තිබුණා.

පහර කෑ පුද්ගලයා මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන්නේ ගම්පහ මූලික රෝහලේ.

අනතුරට පත් කාන්තාව මරදගහමුල පදිංචි කරිනියක වන අතර ඇය බරපතළ තත්වයෙන් පසුවන බව පොලිසිය පැවසුවා.