― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකොන්දක් තියෙනවා නම් වහාම මැතිවරණයකට යන්න

කොන්දක් තියෙනවා නම් වහාම මැතිවරණයකට යන්න

කොන්දක් තිබෙනවා නම් මන්ත්‍රී ධූරවලින් ඉවත් වී ඡන්දයක් පවත්වා ජනතාවගේ කැමැත්තෙන් නැවත පත්වීමට උත්සාහ කරන්නැයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසූහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ බොරැල්ල, අගරදගුරු මැදුරේදී අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී කාදිනල් හිමිපාණන් කියා සිටියේ ජනතාව ඔවුන්ට කැමති යැයි කිව නොහැකි බවත් වර්තමානයේ ඇත්තේ ජනතාව ඡන්දය දුන් ප්‍රතිපත්ති ප්‍රකාශය නොව වෙනත් එකක් නිසා ඔවුන් අලුත් මැතිවරණ ප්‍රකාශයක් සමග නැවත වරක් ඡන්දය ඉල්ලිය යුතු බවත්ය.

කිසිවෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇඟිලි ගැසීමට ඉඩක් නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව, රජය මෙන්ම ජනාධිපතිවරයා ද බැඳී සිටින බවයි උන්වහන්සේ සඳහන් කළේ.

වත්මන් නායකයන් රට ඉතා දුක්බරිත තැනකට ගෙනැවිත් ඇති බවත් ඔවුන් පාර්ලිමේන්තුවේ හිනාවුණාට ජනතාව සතුටින් සිටින බව කිව කිව නොහැකි බවත් කාදිනල් හිමිපාණන් පැවසූහ.

පළාත් පාලන මැතිවරණය සඳහා පසුගිය අයවැයෙන් වෙන්කළ මුදල් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර ඇති නියෝගය තමන්ගේ වරප්‍රසාද කඩකිරීමක් ලෙස හුවා දක්වමින් උසාවියට කරුණු ඉදිරිපත් කරන ලෙස කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු කතානායකවරයාගෙන් ඇති ඉල්ලීම සම්බන්ධයෙන් තම බලවත් විරෝධය පළ කරන බවයි උන්වහ්න්සේ වැඩිදුරටත් සඳහන් කළේ.