24.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිධන් හෑරූ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා අත්අඩංගුවට

නිධන් හෑරූ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා අත්අඩංගුවට

මොණරාගල වැලියාය ප්‍රදේශයේ නිධන් සොයා කැණීම් කරමින් සිටි පුද්ගලයන් සිව්දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර මෙවර පලාත් පාලන මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් තරග කරන අපේක්ෂකයෙකු හා ඔහුගේ පියාද වන බවයි පොලිසිය පවසන්නේ.

බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් හා මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් එක්ව මෙම වැටලීම සිදුකළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මොණරාගල සහ වැලියාය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.