― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsනිරුවත් ඡායාරූප පෙන්වා ලක්ෂ 27ක කප්පම් අරන්

නිරුවත් ඡායාරූප පෙන්වා ලක්ෂ 27ක කප්පම් අරන්

නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවටත්, එම ඡායාරූප සැමියාට දෙන බවටත් පවසමින් කාන්තාවකගෙන් අවස්ථා කිහිපයකදී රුපියල් ලක්ෂ 27කට ආසන්න මුදලක් කප්පම් වශයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රීපුර පොලිසිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුවයි. පදවි, ශ්‍රීපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන නිලධාරිනියකගෙන් අදාළ පුද්ගලයා මෙලෙස මුදල් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා අදාළ කාන්තාව සමඟ කලක සිට අනියම් සම්බන්ධතාවක් පවතවාගෙන ගොස් ඇති අතර එහිදී හුවමාරු වූ කාන්තාවගේ නිරුවත් ඡායාරූප මෙලෙස අන්තර්ජාලයට මුදාහරින බවත් කාන්තාවගේ සැමියාට බලදෙන බවත් පවසා ඇයව බිය ගන්වා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස බිය ගන්නවා 2019 වසරේ සිට මෙම කාන්තාවගෙන් අවස්ථා කිහිපයකදී මෙම පුද්ගලයා විසින් රුපියල් ලක්ෂ 27කට ආසන්න මුදලක් ලබාගෙන ඇති බව සඳහන්. සැකකරු නාරම්මල පදිංචිකරුවෙක් බවට හඳුනාගෙන ඇති අතර කාන්තාව ශ්‍රීපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක තැනැත්තියක්.

කාන්තාව විසින් මේ සම්බන්ධයෙන් පසුගිය 11 වනදා ශ්‍රීපුර පොලිසිය වෙත සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබෙනවා.