― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsපිළිකා ඖෂධ වැඩි මිලට ගෙන්වීමේ සූදානමක්?

පිළිකා ඖෂධ වැඩි මිලට ගෙන්වීමේ සූදානමක්?

අවම මිල ගණන් යටතේ ලබාගත හැකි පිළිකානාශක ඖෂධ තොගයක් ඉතා අධික මිල ගණන් යටතේ ලබාගැනීමට සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මගින් නිර්දේශ ලබා දී ඇති බව අනාවරණය වී තිබේ.

සෞඛ්‍ය ආරංචිමාර්ග පවසන්නේ මෙලෙස මුදල් නාස්ති කරමින් හදිසි මිලදී ගැනීමක් ලෙස මෙම ඖෂධ ලබාගැනීමට සැරසෙන බවයි.

ඒ අනුව මීට පෙර ඩොලර් තුනකට මිලදී ගත් ඖෂධ වර්ගයක් මෙවර රුපියල් තිස්එක් දහසක මිලකට ගෙන්වීමට නිර්දේශ කර ඇති අතර එම ඖෂධය වෙළෙඳපොළේ රුපියල් තුන්දහසකට පමණ මිලදී ගැනීමට හැකි බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම මීට පෙර රුපියල් පන්දහසක පමණ මිලකට ලබා ගත් ඖෂධයක මෙවර මිල රුපියල් හතළිස් නවදහසක් ලෙස දක්වා තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල සඳහන් නොවන මාර්ගෝපදේශයක් ප්‍රථම වරට මෙම ඖෂධවලට අදාළව ඉදිරිපත් කර තිබෙන අතර එම මාර්ගෝපදේශය සපුරා ඇති එක් ආයතනයකට පමණක් ඖෂධ දහනවයකට අදාළ ටෙන්ඩර් පිරිනැමීමට නිර්දේශ කරනු ලැබ ඇත. මෙම ආයතනයට පමණක් ලබා දීමට නිර්දේශ කර තිබෙන ටෙන්ඩර්වල වටිනාකම රුපියල් කෝටි දහයකට අධිකය.

ඇතැම් ඖෂධ වර්ග සඳහා එක් එක් ආයතන ඉදිරිපත් කර තිබෙන මිල ගණන් අතර විශාල පරතරයක් පවතියි. වැඩිම ටෙන්ඩර් ප්‍රමාණයක් ලබා ගැනීමට නිර්දේශ කර තිබෙන ආයතනය ඖෂධයකට නියම කර තිබෙන රුපියල් හතළිස් නව දහස තවත් ආයතනයක් මිල කර ඇත්තේ රුපියල් අටදහස් පන්සිය අසූහතරක් වැනි අඩු මිලකට ය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් රජයට ලබා දුන් රුපියල් කෝටි තුන්සියයක මුදලින් රුපියල් කෝටි දහයක් පමණ මෙම ඖෂධ මිලදී ගැනීමට යෙදවෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග අවදාරණය කළේය.

#aruna