― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපුංචි ඡන්දය පැවැත්වීම අත්‍යවශ්‍යයි - ජූලි චන්ග්

පුංචි ඡන්දය පැවැත්වීම අත්‍යවශ්‍යයි – ජූලි චන්ග්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය බව ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය පවසා ඇත.

ජාතික නීති සමුළුව 2023 අමතමින් ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.”අර්බුදයක් තුළ නීතියේ කාර්යභාර්ය” යන තේමාව යටතේ සමුළුව පැවැත්විණ.

නීතියේ ආධිපත්‍ය සහ සැමට යුක්තිය වෙනුවෙන් ශක්තිමත් මෙන්ම ස්ථාවර බලවේගයක් වන ලෙස ජුලී චන්ග් මහත්මිය ශ්‍රී ලංකාවේ නීති ප්‍රජාවගෙන් එහිදී  ඉල්ලීමක් කර ඇත.

ස්වාධීන අධිකරණයක සුදුසුකම් ලත් නීතිමය නියෝජනයක් හරහා සහ සිවිල් සංවිධාන සමඟ එක්ව රජයට සෘජුවම උපදෙස් දීමට හැකියාව මැතිවරණ තුළින් ජනතාවට ලබා දෙන බැවින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්‍යාවශ්‍ය බව ජුලී චන්ග් මහත්මිය පෙන්වා දී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදයට සීමාවන් නොමැති බවත් නීතියේ ආධිපත්‍යයෙන් තොරව කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයකට පැවතීමේ හැකියාවක් නොමැති බවත් ජුලී චන්ග් මහත්මිය සඳහන් කර තිබේ. නීති ප්‍රජාව යනු එම නීතියේ ආරක්ෂකයන් බව ජුලී චන්ග් මහත්මිය පෙන්වා දී ඇත.

ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව ආරම්භයේ සිටම පදනම් වී ඇත්තේ ස්වාධීන අධිකරණයේ වැදගත්කම සහ හවුල් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත බව එතුමිය එහිදී පවසා තිබෙනවා.