27.8 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිසිය කල්ඉකුත් වූ කඳුළු ගෑස් භාවිතා කරන්නේ නැහැ

පොලිසිය කල්ඉකුත් වූ කඳුළු ගෑස් භාවිතා කරන්නේ නැහැ

විරෝධතා විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් භාවිත කරනු ලබන කදුළු ගෑස් කල් ඉකුත් වූවා යැයි එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ත් එවැනි අහිතකර දේ භාවිත නොකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව ඊයේ (12) පැවසීය.

මේ සම්බන්ධයෙන් විවිධ පිරිස් චෝදනා එල්ල කර ඇති නමුත් පොලිසිය විසින් මහජන විරෝධතාවක් පාලනය කිරීම සඳහා දින ඉකුත් වූ කදුළු ගෑස් භාවිතා නොකරන බවයි ඔහු සඳහන් කළේ.

ඕනෑම නිෂ්පාදන භාණ්ඩයක දින ඉකුත් වීමෙන් පසු ඒවගේ ක්‍රියාකාරිත්වය නියමිත ආකාරයෙන් සිදු නොවන බවත් එම තත්ත්වය කඳුළු ගෑස්වලට ද පොදුව පවතින බවත් ඔහු පැවසීය.

පොලිසිය භාවිත කරන කදුළු ගෑස් සඳහා නිසි ක්‍රියාකාරිත්වයක් නොමැති වුවහොත් විරෝධතාවක් විසුරුවා හැරීමට අවශ්‍ය ශක්තිය එහි අඩංගු නොවන බවත් දින ඉකුත් වීමෙන් අනතුරුව ඒවා භාවිත නොකරන බවත් ඔහු සඳහන් කළේ ය.