පෙරේදා (12) සවස බණ්ඩාරගම ප්රාදේශීය සභාවේ ප්රධාන ආරක්ෂක නිලධාරියාට සිව් දෙනෙකුගෙන් යුත් පිරිසක් පහර දී ඇති බව පොලීසිය සදහන් කරනවා. පහරකෑමට ලක්වූ ප්රධාන ආරක්ෂක නිලධාරියා ප්රතිකාර සඳහා බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත් කර ඇත.
බණ්ඩාරගම පොදු වෙළෙඳපොළ ගොඩනැගිල්ලෙහි පිහිටා තිබෙන ප්රාදේශීය සභා කාර්යාලයේ පිවිසුම් මාර්ගය අවහිර වන ලෙස නවතා තිබූ මෝටර් රථයක් එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලෙසට මෙම ආරක්ෂක නිලධාරියා විසින් මෝටර් රථයේ සිටි පිරිසට දැනුම් දී ඇති බව වාර්තා වනවා.
නමුත් ඔවුන් එය නොසලකාහැරීම හේතුවෙන් නැවත වරක් ආරක්ෂක නිලධාරියා ඔවුන්ට දැනුම් දී ඇත්තේ මාර්ගය අවහිර වන බැවින් සිය මෝටර් රථය එම ස්ථානයෙන් ඉවතට ගන්නා ලෙසටය. එම අවස්ථාවේදී මෝටර් රථයේ සිටි පිරිස පිටතට පැමිණ ආරක්ෂක නිලධාරියාට පහර දී ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වූ බව පොලීසිය පවසයි.
පසුව ඔවුන් මෝටර් රථයේ නැග එම ස්ථානයෙන් පළා ගොස් තිබේ. පොලීසිය වැඩිදුරටත් පැවසුවේ අදාළ මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවය.