29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසාමාන්‍ය පෙළ කල් යාමේ වැඩි ඉඩක්

සාමාන්‍ය පෙළ කල් යාමේ වැඩි ඉඩක්

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය බොහෝ විට කල්යාමට ඉඩකඩ පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

උසස් පෙළ විභාගය සාර්ථකව පවත්වා අවසන් කළද උත්තර පත්‍ර පරීක්ෂාව සති දෙකකින් පමා වීම නිසා සාමාන්‍යයෙන් විභාග දෙකක් අතර පැවතිය යුතු මාස තුනක පමණ කාල පරතරය අඩු වීමෙන් එලෙස විභාගය කල් යා හැකි බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම ප්‍රමාද වන තරමටම ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වෙනවා. ඒ කාල ප්‍රමාණයෙන් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම එහාට යන්න ඉඩ තියෙනවා. වෙනස් වෙන්න පුළුවන් උත්තර පත්‍ර සමීක්ෂණය කල් ගියොත්. විභාග දෙකක් අතර කාල පරාසය මාස තුනක්වත් අවශ්‍ය වෙනවා. විභාග දෙපාර්තමේන්තුවට ඊළඟ විභාගය පවත්වන්න.