30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට විශේෂ ලිපියක්

මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට විශේෂ ලිපියක්

මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරුන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

රටතුළ මේ වනවිට පවතින වාතාවරණය සම්බන්ධයෙන් මහ නාහිමිවරුන් අදාළ ලිපිය යොමුකරමින් දැනුම් දී ඇති බව සඳහන්.

එමඟින් මහ නාහිමිවරුන් වැඩිදුරටත් පවසා ඇත්තේ රට තුළ උද්ගතව තිබූ දැඩි ආර්ථික, දේශපාලනික සහ සමාජීය අස්ථාවරත්වය යම් පමණකට සමනයකට පත්කර, රට තුළ ස්ථාවරත්වයක් ඇති කිරීමට ජනාධිපතිවරයා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව මහා සංඝරත්නයේ ප්‍රසාදය පළකරන බවයි.

එමෙන්ම පළාත් පාලන මැතිවරණය කල්දැමීම මහජනතාව අතර යම් නොසන්සුන්තාවයක් නිර්මාණය කිරීමට හේතු වී ඇති බවත් එම ලිපියෙන් පෙන්වා දී තිබෙනවා