10.6 C
London
Wednesday, March 22, 2023

මහබැංකු පනතට එරෙහිව රතන හිමිගෙන් පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (14) පෙත්සමක් ගොනු කළා.

සිය නීතිඥවරයා මාර්ගයෙන් අතුරලිය රතන හිමියන් අද (14) පෙරවරුවේ අදාළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කල අතර,එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කාර රත්න හිමියන් කියා සිටින්නේ යෝජිත “මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතේ” අන්තර්ගත ඇතැම් විධිවිධාන වලින් එම බැංකුවේ ස්වාධීන භාවයට බරපතල අනතුරක් සිදුවන බවයි.

මෙම සංශෝධිත පනත් කෙටුම්පත හරහා විෂයභාර අමාත්‍යවරයාට මහ බැංකුවේ කටයුතු සඳහා මැදිහත් වීමට අවකාශ සැලසෙන අතර ඒ තුළින් අදාළ ආයතනයේ ස්වාධීන භාවය උල්ලංඝනය වන බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

මේ හරහා රට තුළ මූල්‍ය අර්බුද ඇතුළු විවිධාකාරයේ ගැටලු මතු කිරීමට ඉඩ කඩ ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු අදාළ සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් ප්‍රතිපාදන තුළින් රටේ ස්වෛරී භාවය මෙන්ම භෞමික අඛණ්ඩතාවයටත් පටහැනි බව පෙන්වා දී තිබෙනවා.

එබැවින් මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රශ්නගත ප්‍රතිපාදන වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 2, 3, 4 යන වගන්ති උල්ලංඝනය වන බව පෙත්සමෙහි සඳහන් වෙනවා.

එබැවින් මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ පෙත්සම තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර අදාළ පනත් කෙටුම්පත් අභියෝගයට ලක් කරමින් අද (14) දිනය අවසන් වන විට අධිකරණය හමුවේ පෙත්සම් හයක් ඉදිරිපත් වී තිබෙනවා.

Latest

ඉක්වදෝරයේ මාධ්‍යවේදීන්ට තැපෑලෙන් පුපුරණ පෙන් ඩ්‍රයිව්

ඉක්වදෝරයේ මාධ්‍යවේදින් ඉලක්ක කර තැපෑල හරහා පුපුරණ ද්‍රව්‍ය යැවීමේ...

රට වැටුනට පස්සේ රටේ නායකත්වය භාර ගන්න සමහරු ඇඳුනුත් මහලා – මහින්දානන්ද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි...

පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරෙන් සිරකරුවෙක් පැනගිහින්

හෙරොයින් මත් කුඩු සන්තකයේ තබා ගැනීමේ වරදට පසුව මාස...

විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් තීරණයක්

වෘත්තිය ක්‍රියාමාර්ග පැවතුණද සියලුම විශ්විද්‍යාලවල විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල...

Don't miss

රට වැටුනට පස්සේ රටේ නායකත්වය භාර ගන්න සමහරු ඇඳුනුත් මහලා – මහින්දානන්ද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි...

ණය ගැනීම ගැන ලැජ්ජා වෙන්න ඕන – විජිත හේරත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ණයක් ඉල්ලා යාමට සිදුවීම ගැන...

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ඩිලාන්ට

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ...

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ගාමිණී ලොකුගේට

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කරුණු වසන් කරන්නේ නැහැ – බන්දුල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදුන් මූල්‍ය පහසුකම...

පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරෙන් සිරකරුවෙක් පැනගිහින්

හෙරොයින් මත් කුඩු සන්තකයේ තබා ගැනීමේ වරදට පසුව මාස 06ක සිරදඬුවමක් නියමව පුනරුත්ථාපනය සඳහා පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරට යොමුකොට සිටි සිරකරුවෙකු අද (21) පෙරවරුවේ පලා...

විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් තීරණයක්

වෘත්තිය ක්‍රියාමාර්ග පැවතුණද සියලුම විශ්විද්‍යාලවල විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර තිබේ. මේ සම්බන්දයෙන් ඔවුන් අද කොළඹදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති...

ව්‍යාපාරික පියාගේ ගනුදෙනු ප්‍රශ්ණයකට පුතාව පැහැරගෙන ගිහින්

මහනුවර ව්‍යාපාරිකයෙකුගේ ව්‍යාපාරික ප්‍රශ්නයක් මත එම ව්‍යාපාරිකයාගේ දාහත් හැවිරිදි පාසල් යන පුත්‍රයා පැහැරගෙන ගිය බව කියන්න පුද්ගලයෙකු සොයා පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ. හන්තාන ප්‍රදේශයේ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here