10.6 C
London
Wednesday, March 22, 2023

ශ්‍රී ලංකාවට ආවේණික නව උඩවැඩියා ශාක විශේෂයක් රත්නපුරෙන් සොයාගැනේ

ශ්‍රී ලංකාවට ආවේණික නව භෞමික උඩවැඩියා ශාක විශේෂයක් සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ, වලන්කන්ද ප්‍රදේශයෙන් සොයා ගැනීමට පර්යේෂකයන් කණ්ඩායමක් සමත්වී ඇත.

රත්නපුර, වලන්කන්ද ප්‍රදේශයේ අධ්‍යනයේ යෙදුනු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, පේරාදෙණිය උද්භිද උද්‍යාන ජාතික ශාකාගාරයේ හිටපු නිලධාරියකු වන භාතිය ගොපල්ලව මහතා සහ රජරට විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු වන අමිල පෙරේරා මහතා යන දෙපළ 2021 වසරේ සිදුකල අධ්‍යයනයකදී මෙම ශාක විශේෂය ප්‍රථම වරට හඳුනාගෙන තිබේ.

ඉන්පසු ශාක පිළිබඳ පර්යේශණය කටයුතුවල යෙදෙන හර්ශ සම්පත් මහතා දෙවන වරට සිංහරාජ වනාන්තරයෙන් සහ ලසිත ප්‍රගීත් මහතා තෙවන වරට කලවාන ප්‍රදේශයෙන් මෙම ශාක විශේෂය වාර්තා කර ඇත.

මෙම පැළෑටිය සඳහා තවම සිංහල භාෂාවෙන් නාමයක් නොමැති අතර, මෙම උඩවැඩියා විශේෂයේ පැහැය පුෂ්පරාග මැණික් ප්‍රභේදයේ පැහැයට සමාන වීම, පුෂ්පරාග මැණික් සොයා ගන්නා පොලවෙන් හමුවීම ආදිය නිසාවෙන් පර්යේශකයන් මෙහි විශේෂ නාමය ලෙස ‘පුෂ්පරාග’ යන්න යෙදීමට කටයුතු කර ඇතැයි පරිසරවේදී පේෂල පසන් කරුණාරත්න මහතා පැවසීය.

මෙම ශාක විශේෂය පරපෝෂී ශාක විශේෂයක් වන අතර, මෙහි ශාක පත්‍ර දක්නට නොලැබේ. පොලව අභ්‍යන්තරයේ පවතින රෛසෝමයක් මගින් කහ පැහැ මලක් පමණක් හට ගන්නා අතර එය සෙන්ටිමීටර කිහිපයක විශාලත්වයකින් යුක්තය.

මෙම නව සොයා ගැනීමත් සමග ලාංකාවේ දේශීය උඩවැඩියා විශේෂ සංඛ්‍යාව 194 ලෙස ඉහල යන අතර ආවේනික උඩවැඩියා විශේෂ සංඛ්‍යාව 63 ලෙස ඉහල යෑම සිදුවන බව ද පේෂල පසන් කරුණාරත්න මහතා පැවසීය.

මෙම පර්යේෂණ පත්‍රිකාව එලි දැක්වීම සඳහා භාතිය ගොපල්ලව මහතා (පේරාදෙණිය විශ්ව විද්‍යාලය) සහ අමිල පෙරේරා මහතා (රජරට විශ්ව විද්‍යාලය) සමගින් ඉන්ද්‍රකීල මාදොල මහතා (වයඹ විශ්ව විද්‍යාලය), මහාචාර්‍ය දීප්ති යකන්දාවල මහත්මිය (පේරාදෙණිය විශ්ව විද්‍යාලය), හර්ෂ සම්පත් ජයවික්‍රම මහතා (ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය), ආචාර්ය පන්කර් කුමාර් (කර්ටින් විශ්ව විද්‍යාලය – ඕස්ටේ්‍රලියාව), මහාචාර්ය මාර්ක් චේස් (කිව් උද්භිද උද්‍යානය – එංගලන්තය) යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල කණ්ඩායමක සහය ලැබී ඇත. 

Latest

ඉක්වදෝරයේ මාධ්‍යවේදීන්ට තැපෑලෙන් පුපුරණ පෙන් ඩ්‍රයිව්

ඉක්වදෝරයේ මාධ්‍යවේදින් ඉලක්ක කර තැපෑල හරහා පුපුරණ ද්‍රව්‍ය යැවීමේ...

රට වැටුනට පස්සේ රටේ නායකත්වය භාර ගන්න සමහරු ඇඳුනුත් මහලා – මහින්දානන්ද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි...

පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරෙන් සිරකරුවෙක් පැනගිහින්

හෙරොයින් මත් කුඩු සන්තකයේ තබා ගැනීමේ වරදට පසුව මාස...

විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් තීරණයක්

වෘත්තිය ක්‍රියාමාර්ග පැවතුණද සියලුම විශ්විද්‍යාලවල විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල...

Don't miss

රට වැටුනට පස්සේ රටේ නායකත්වය භාර ගන්න සමහරු ඇඳුනුත් මහලා – මහින්දානන්ද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි...

ණය ගැනීම ගැන ලැජ්ජා වෙන්න ඕන – විජිත හේරත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ණයක් ඉල්ලා යාමට සිදුවීම ගැන...

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ඩිලාන්ට

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ...

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ගාමිණී ලොකුගේට

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කරුණු වසන් කරන්නේ නැහැ – බන්දුල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදුන් මූල්‍ය පහසුකම...

පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරෙන් සිරකරුවෙක් පැනගිහින්

හෙරොයින් මත් කුඩු සන්තකයේ තබා ගැනීමේ වරදට පසුව මාස 06ක සිරදඬුවමක් නියමව පුනරුත්ථාපනය සඳහා පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරට යොමුකොට සිටි සිරකරුවෙකු අද (21) පෙරවරුවේ පලා...

විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් තීරණයක්

වෘත්තිය ක්‍රියාමාර්ග පැවතුණද සියලුම විශ්විද්‍යාලවල විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර තිබේ. මේ සම්බන්දයෙන් ඔවුන් අද කොළඹදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති...

ව්‍යාපාරික පියාගේ ගනුදෙනු ප්‍රශ්ණයකට පුතාව පැහැරගෙන ගිහින්

මහනුවර ව්‍යාපාරිකයෙකුගේ ව්‍යාපාරික ප්‍රශ්නයක් මත එම ව්‍යාපාරිකයාගේ දාහත් හැවිරිදි පාසල් යන පුත්‍රයා පැහැරගෙන ගිය බව කියන්න පුද්ගලයෙකු සොයා පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ. හන්තාන ප්‍රදේශයේ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here