30 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅධ්‍යක්ෂවරයෙකුගේ රුපියල් ලක්ෂ 8ක් වටිනා මාලය කැඩූ දෙදෙනෙක් අත්අඩංගුවට

අධ්‍යක්ෂවරයෙකුගේ රුපියල් ලක්ෂ 8ක් වටිනා මාලය කැඩූ දෙදෙනෙක් අත්අඩංගුවට

බම්බලිපිටි මුහුදු මාවතේ ව්‍යායාම වල නිරතවෙමින් සිටි  පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂවරයකුගේ රුපියල් ලක්ෂ 8 ට අධික වටිනා රන් මාලය කඩාගෙන පලාගොස් සිටි සැකකරුවන් දෙදෙනකු ජම්පටාවීදියේ දී අද (14) අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.

පැමිණිලිකරු ප්‍රසිද්ධ රන්බඩු හලක අධ්‍යක්ෂවරයකු වශයෙන් සේවය කරන බවත්, වැල්ලවත්ත ප්‍රදේශයේ නවාතැන් පොළක නැවතී සිටින ඔහු ඉකුත් (12) දින පෙරවරුවේ  වැල්ලවත්තේ සිට බම්බලපිටිය දෙසට ව්‍යායාම සදහා ගොස් සිටියදි ත්‍රිරෝද රථයකින් පැමිණ ඇති සැකකරුවන් රන් මාලය කඩාගෙන පලාගොස් ඇති බවද පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් පොලිසියට ලැබුණ පැමිණිල්ලකට අනුව විමර්ශන කර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.