30.6 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඇමති හරින් සමාව ඉල්ලයි

ඇමති හරින් සමාව ඉල්ලයි

තමා ජර්මනියේදී මාලදිවයින සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සමාජ මාධ්‍ය හරහා වැරදි ලෙස අර්ථකතනය කර ඇති බවත් මේ පිළිබඳව කිසියම් අපහසුතාවයකට පත්වූයේ නම් ඊට සමාව අයදින බවත් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

පසුගියදා බර්ලින් නුවර පැවති සංචාරක වැඩසටහනකදී මාලදිවයින සහ ශ්‍රී ලංකාව සංසන්දනය කරමින් අමාත්‍යවරයා අදහස් දැක්වූ අතර ට්විටර් පණිවිඩ නිකුත් කරමින් එම ප්‍රකාශයට එරෙහිව මාලදිවයිනේ සංචාරක අමාත්‍ය අබ්දුල්ලා මව්සූම් මෙන්ම තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රතිචාර දක්වා තිබේ.

එමගින් ඔවුන් පෙන්වා දී තිබුණේ, පසුගිය වසර 3ක කාලය තුළ මාලදිවයින ලොව හොදම සංචාරක ගමනාන්තය බවට පත්වෙමින් සම්මානයටද පාත්‍රවූ බවයි.

ඒ සම්බන්ධයෙන් ඊර්ෂ්‍යාවක් හෝ සැකයක් ඇත්නම් නැවත නැවතත් කණ්ණාඩියක් ඉදිරිපිටට ගොස් විමසන ලෙස මාලදිවයිනේ සංචාරක අමාත්‍ය අබ්දුල්ලා මව්සූම් සිය ට්විටර් පණිවිඩයේ දැක්වෙයි.