― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගුවන් යානා ප්‍රමාද වීම නිසා හරක් කටාව අදත් මෙරටට ගෙන ඒමට නොහැකි...

ගුවන් යානා ප්‍රමාද වීම නිසා හරක් කටාව අදත් මෙරටට ගෙන ඒමට නොහැකි වෙයි

නඳුන් චින්තක නොහොත් “හරක් කටා” සහ සළිඳු මල්ෂික නොහොත් “කුඩු සළිඳු” හෙට (15) දිනයේදී මෙරටට රැගෙන එන බව පොලීසිය පවසයි.

ඔවුන් දෙදෙනාව අද (14) දිනයේදී මෙරටට ගෙන ඒමට නියමිතව තිබුණත් ගුවන් යානා ප්‍රමාදවීම හේතුවෙන් ගෙනඒමට හැකිවී නොමැත.

‘හරක් කටා’ හා ‘කුඩු සළිඳු’ ඇතුළු පිරිසක් පසුගිය මාර්තු 01 වනදා මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව ‘හරක් කටා’ හා ‘කුඩු සළිඳු’ව මෙරටට රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයෙක්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් හා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනෙක් පසුගිය සෙනසුරාදා මැඩගස්කරය බලා ගිය අතර ඔවුන් ‘හරක් කටා’ හා ‘කුඩු සළිඳු’ සමග කෙන්යාවේ නයිරෝබී නුවර වෙත පැමිණ තිබුණි.ඒ මෙරටට මැඩගස්කරයේ සිට සෘජු ගුවන් ගමන් නොමැතිවීම හේතුවෙනි.

පසුව ඔවුන් දෙදෙනාව අද අලුයම තවත් ගුවන් යානයකින් ඉන්දියාවේ මුම්බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙන එනු ලැබීය.

ගුවන් ගමන් ප්‍රමාදයක් හේතුවෙන් මේ වනවිට එහි රැඳී සිටින ‘හරක් කටා’ හා ‘කුඩු සළිඳු’ ව හෙට දිනයේදී ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය.