30.6 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගොයම් ගසකින් අල්ලා ගත් මධුවන්තිගේ ඝාතකයා

ගොයම් ගසකින් අල්ලා ගත් මධුවන්තිගේ ඝාතකයා

මහනුවර, අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණියගේ ඝාතකයා සොයාගැනීමට හැකි වුණේ ගොයම් පැළයක් මඟින් බව අස්ගිරිය පොලිසිය පවසනවා.

අදාළ කාන්තාව ඝාතනය කර ඇයගේ සිරුර කුඹුරක මඩ වගුරක දමා ඒ මත සිට වූ ගොයම් පැළ දෙකක් පොලිස් නිල සුනඛයාට ඉව කිරීමට ලබාදීමෙන් පසුව පොලිස් නිල සුනඛයා ගමන්ගත් මාර්ගයේ ගොස් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට මෙලෙස හැකිව තිබෙනවා.

ගොයම් පැළ දෙකට ඉව කළ පොලිස් නිල සුනඛයා කිලෝ මීටර් තුනක් පමණ දුරකින් පිහිටි ඝාතකයාගේ නිවසට ගොස් නතර වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. ඒ අනුව එම නිවසේ සිටි ඝාතකයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙලෙස හැකිව ඇත්තේ.

මහනුවර, අලවතුගොඩ ප්‍රදේශයේ කුඹුරක තිබී ඝාතනය කළ බවට සැක කෙරෙන කාන්තා මළ සිරුරක් පසුගිය 11 වනදා සොයා ගැනීමට හැකි වුණා. එලෙස හමුවුණේ 26 හැවිරිදි දනූකා මධුවන්ති නම් විවාහක තරුණියක්.

මියගිය තරුණිය නිවසේ නොමැති බවට සැමියා විසින් ඇයගේ මවට සිදුකළ දැනුම්දීමක් අනුව කළ සොයාබැලීමක දී සිරුර අදාළ කුඹුරේ තිබී සොයා ගැනුණා. පසුව ඒ සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවල දී ඝාතනය සිදුකළ හමුදා සෙබළා අත්අඩංගුවට ගැනීමට හැකිව මෙලෙස ඇත්තේ.