29.5 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඡන්ද පත්‍රිකා මුද්‍රණයට මෙතෙක් මුදල් ලැබී නැහැ

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මෙතෙක් මුදල් ලැබී නැහැ

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මෙතෙක් මුදල් ලැබී නොමැථි බව රජයේ මුද්‍රණාලය පවසයි.

එම තත්ත්වය තුළ තවදුරටත් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට හැකියාවක් නැති බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

කෙසේවෙතත් දිස්ත්‍රික්ක 17ක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බවත් මීට පෙර මැතිවරණ දිනය ලෙස ප්‍රකාශයට පත් කළ දිනය අදාළ ඡන්ද පත්‍රිකාවල මුද්‍රණය කර ඇති බවයි ඵු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වන බව මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නැතැයි මැතිවරණ කොමිසම පවසයි.

එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ, එවැනි තත්ත්වයක් පිළිබඳ නිල වශයෙන් දැනුම් දෙන්නේ නම් කොමිසම රැස්වී ඒ පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.