― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsටෙලිකොම් සේවකයින් හෙට වර්ජනයට සහය දක්වයි

ටෙලිකොම් සේවකයින් හෙට වර්ජනයට සහය දක්වයි

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති රැසක් හෙට (15) ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට ශ්‍රී ලංකා ටෙලිකොම් වෘත්තිය සමිති සහය දක්වන බවත් සේවා මුර රාජකාරිවල නියුතු සේවකයන් හැර සෙසු සියලුම ටෙලිකොම් සේවකයන් ලෙඩ නිවාඩු දමා සේවයට නොපැමිණෙ බවත් ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප ලේකම් ජගත් ගුරුසිංහ මහතා පැවැසීය.

සේවක වැටුප් මත අධික බදු අයකරමින් සේවකයන් දැඩි අපහසුතාවට පත්කිරීම සහ ටෙලිකොම් ආයතනය විකිණීම ඇතුළු ආණ්ඩුවේ මූලික ක්‍රියාකාරකම් 8 කට විරෝධය දක්වන බවත් ඒ මහතා අද (14)  වැඩි දුරටත් සදහන් කළේය.