27.2 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඩොලරය අද තවත් ඉහළට

ඩොලරය අද තවත් ඉහළට

කොමර්ෂල් බැංකුවේ අද විදේශ විනිමය අනුපාත අගයන් දැක්වුණේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 320.70ක් හා විකුණුම් මිල රුපියල් 336.00ක් ලෙසයි.

එම බැංකුවේ ඊයේ දිනයේදී අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 308.72ක් ලෙස සටහන්ව තිබෙන අතර එහි විකිණුම් අගය රුපියල් 328ක් ලෙස සටහන්ව තිබුණා.

හැටන් නැෂනල් බැංකුවේ අද දිනයේදී අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 320ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 335.00ක් ලෙසත් සටහන් වූ අතර එය ඊයේ දිනයේදී දැක්වුණේ අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 312ක් ලෙස හා විකිණුම් මිල රුපියල් 327ක් ලෙසයි.

අද දිනයේදී සෙලාන් බැංකුවේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 316ක් ලෙස හා විකිණුම් මිල රුපියල් 337ක් ලෙස සටහන්ව තිබෙනවා. ඊයේ දිනයේදී එය දැක්වුණේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 307ක් හා විකිණුම් මිල රුපියල් 329ක් ලෙසයි.

සම්පත් බැංකුවේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල අද රුපියල් 320ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 335ක් ලෙස සටහන් වුනා. ඊයේ දිනයේදී එම බැංකුවේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 310ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 325ක් ලෙස සටහන් වුණා.

මහජන බැංකුවේ අද දිනයේදී අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 320.41ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 339.17ක් ලෙස සටහන් වූ අතර ඊයේ දිනයේදී එම බැංකුවේ ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 305.05ක් හා විකිණුම් මිල රුපියල් 331.47ක් ලෙස සටහන් වුණා.