23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදෙමාපියන්ගේ විවාහ තොරතුරු උප්පැන්න සහතිකයෙන් ඉවත් කරයිද?

දෙමාපියන්ගේ විවාහ තොරතුරු උප්පැන්න සහතිකයෙන් ඉවත් කරයිද?

දරුවෙක්ගේ උප්පැන්නය ලියාපදිංචි කිරීමේදී මව්පියෝ විවාහක ද කියන කාරණය ඉතාම ඉක්මනින් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ ඊයේ (13) ප්‍රවෘත්තිය දෙපාර්තමේන්තුවේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ මවකට සමාජයේ තනිව ජීවත්වීමේ හැකියාව තිබිය යුතු මෙන්ම එය කිසිම අපහසයකට කාරණයක් නොවන බවයි.

දරුවෙක් හදාගැනීමට අමාරු තත්වයක් තියෙනවා නම් ඒ දරුවා හදාගැනීමට සූදානම්. අහල පහළ දරුවෙක්ට කිසියම් විපතක් වෙන්න යනවා කියලා ඉඟියක් තියෙනවා නම් හෝ ඔවුන්ට දරුවා හදාගැනීමට අමාරු නම් 1929 දුරකථනයට ඇමතුමක් දෙන්න. සෑම කාන්තාවක්ම මෙම දුරකථන අංකය ළඟ තබාගත යුතුයි. ගබ්සා කරන එක හොඳ දෙයක් කියලා මං පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ.

අද වෙද්දි මාතෘත්වය ඉතාම විශාල ලෙස කඩා වැටීමකට ලක්ව තිබෙනවා. අලුත උපන් බිළිඳියව වැසිකිලියක දමා යෑම, සුරතල් දරුවා ඉස්සන් කොටුවකට තල්ලු කර මරා දැමීමට උත්සහ කිරීම සහ පිට රට සිටින බිරිඳට මුදල් එවන්නැයි කියලා බලපෑම් කරමින් දරුවට පහර දීම වැනි සිද්ධීන් පසුගිය දින කීපයේදී ඇසීමට ලැබීම ඊට හොඳම උදාහරණයක්.

රාජ්‍ය නොවන සංවිධාන දරුවන් වෙනුවෙන් නිවාස 350කට අධික සංඛ්‍යාවක් ඉදිරි කරලා තිබෙනවා. රාත්‍රී කාලයේ හෝ කාන්තාවකට නිවසින් යන්න ඕන නම් කෝච්චියට පනින්නේ නැතිව නිවසට යෑමේ හැකියාව තිබිය යුතුයි.