27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalපිළිකා ඖෂධ මිලදී ගැනීම ගැන අවසන් තීරණයක් ගෙන නැහැ

පිළිකා ඖෂධ මිලදී ගැනීම ගැන අවසන් තීරණයක් ගෙන නැහැ

පිළිකා නාශක ඖෂධ වර්ග 43ක් හදිසියේ මිලදී ගැනීමට අදාළව මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (13) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙතෙක් කිසිදු නිර්දේශයක් කර නැහැ. මෙම මිලදී ගැනීම්වලට අදාළව මූලික කටයුතු පමණයි කර තිබෙන්නේ. යම් නිර්දේශයක් කරන්නේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් රැස්වන ටෙන්ඩර් මණ්ඩලයෙදී. විගණකාධිපති හා මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයන් සමග මේ පිළිබඳව පැය ගණන් දින ගණන් සාකච්ඡා කරනවා. සැපයුම්කරුවන් ඉදිරිපත් කර තිබෙන මිල ගණන් වැඩි නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. මේ දක්වා ඒ කිසිම දෙයක් කර නැහැ.

එහිදී සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක කියා සිටියේ ඖෂධ නිෂ්පාදනයට ආයතනය සුදුසු බවට සැපයුම්කරුවන් ඉදිරිපත් කර තිබෙන නිර්දේශය පිළිකානාශක ඖෂධ මිලදී ගැනීමට අදාළව කිසිසේත් සලකා නොබලන බවත් මිල දී ගැනෙන්නේ එම ඖෂධවලට අදාළව ජාතික ඖෂධ නියාමන අධිකාරිය නිකුත් කර තිබෙන නිර්දේශ පමණක් බවත්ය.