27.2 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය ආදායම් ඉහළ ගියොත් මුලින්ම සහන දෙන්නේ රජයේ සේවකයින්ට

රාජ්‍ය ආදායම් ඉහළ ගියොත් මුලින්ම සහන දෙන්නේ රජයේ සේවකයින්ට

ඉදිරියේදී රාජ්‍ය ආදායම් ඉහළ ගියහොත් ප්‍රථමයෙන් සහන ලබාදීමට පියවර ගන්නේ රාජ්‍ය සේවකයින්ට බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

රජයේ සේවකයින්ගෙන් සියයට 10ක් පමණයි මේ බද්දට යටත් වෙන්නේ. අනික් සියයට 90ක රාජ්‍ය සේවකයින්ට මේ බද්ද අදාළ වෙන්නේ නෑ. ඒ නිසා රජයේ ආදායම් මාර්ග ඉහළ ගියොත් මේ ඇතිකරපු ප්‍රතිසංස්කරණවලින් ප්‍රථමයෙන්ම සහන ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ රාජ්‍ය සේවකයින්ට. ඔවුන්ගේ දීමනා ආදිය බද්දට යටත්වීම පිළිබඳව වෙනම කමිටුවක් විසින් සළකා බලාගෙන යනවා.