32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝක බැංකුවෙන් නැවතත් ලංකාවට උපකාර

ලෝක බැංකුවෙන් නැවතත් ලංකාවට උපකාර

ප්‍රාථමික සෞඛ්‍ය සේවා සඳහා මේ වසරේ ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 65ක් ලබා ගත හැකි බව සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීමේ ලෝක බැංකු අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පැවසීය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව දැක්වෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීමේ ලෝක බැංකු ව්‍යාපෘතිය පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සහ ආනමඩුව රෝහල සමඟ එක්ව වැඩසටහන ක්‍රියාත්මක කරයි.

ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ලෝක බැංකු ව්‍යාපෘතිය මගින් රෝහල් සහ සායන මට්ටමින් මෙවැනි සායනික පරීක්ෂණ පවත්වා පුද්ගලයන් 198,000කගේ තොරතුරු ඩිජිටල් තොරතුරු යටිතල ව්‍යූහයට එක් කිරීමට හැකි වී ඇත.

එසේම රෝහලට අනුබද්ධ සෞඛ්‍ය සේවා කණ්ඩායම්වලට අදියර 3ක් සම්පූර්ණ කිරීමට සිදුවේ.