― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsවට්ස්ඇප් ඡායාරූපයක් මඟින් ලාදුරු දැයි දැනගැනීමට අවස්ථාවක්

වට්ස්ඇප් ඡායාරූපයක් මඟින් ලාදුරු දැයි දැනගැනීමට අවස්ථාවක්

ලාදුරු වැළඳී ඇතැයි සැකයක් ඇති ඕනෑම පුද්ගලයෙකුට සමේ ඇති කැළලේ ඡායාරූපයක් වට්ස්ඇප් මාර්ගයෙන් එවා ඒ බව සනාථ කරගැනීමට ක්‍රමවේදයක් සකසා ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි.

ඒ අනුව ලාදුරු හඳුනා ගැනීමේ උපකාර සේවාවේ 0754434085 දුරකථන අංකයට අදාළ ඡායාරූපය වට්ස්ඇප් මාර්ගයෙන් යොමු කරන්නැයි ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර සඳහන් කළේය.

එසේ ඡායාරූප එවනු ලබන පුද්ගලයන්ට කොළඹ ජාතික රෝහලේ මධ්‍යම ලාදුරු සායනයේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය අධීක්ෂණය යටතේ අවශ්‍ය උපදෙස් ලබාදීම සිදු කෙරේ.

මේ වනවිට නිවාස මට්ටමින් ද ලාදුරු රෝගීන් හඳුනාගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක අතර එහි පළමු අදියර කොළඹ දිස්ත්‍රික්කයේදී සිදු කෙරේ. පසුගිය වසරේදී මෙරටින් ලාදුරු රෝගීන් එක්දහස් හාරසියයක් පමණ හඳුනාගෙන ඇති අතර ඉන් දෙසිය හතළිස් හයදෙනකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇතැයි ලාදුරු මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.