27.2 C
Colombo
Thursday, December 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportහතුරුසිංහ බංගලියන් සමඟ වැඩ අල්ලයි

හතුරුසිංහ බංගලියන් සමඟ වැඩ අල්ලයි

ලෝකශූර එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 3-0 ඓතිහාසික ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායමට අද හැකියාව ලැබුණා.

ඒ, දෙරට අතර අද (14) මීර්පූර් හි ෂෙරේ බංග්ලා ක්‍රීඩාංගණයේ දී පැවති තුන්වන විස්සයි විස්ස තරගය තියුණු සටනකින් පසු ලකුණු 16කින් ජය ගැනීමත් සමඟයි.

මෙම තරගාවලිය තුළ බංග්ලාදේශ දඟ පන්දු යවන්නන්ගේ දක්ෂතා කැපී පෙනුණා.

මේ අතර බංග්ලාදේශ කණ්ඩායමට යළිත් වරක් ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ තේරී පත්වීමෙන් පසු එම කණ්ඩායම මුහුණ දුන් පළමු ජාත්‍යන්තර තරගාවලිය ද මෙය වනවා.